“එජාපය දෙකඩ කිරීම පසුපස සිටියේ චම්පික රණවක”

නවීන් දිසානායක කියයි

පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීම පසුපස සිටි ප්‍රධාන බලවේගයක් බවට හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ නුරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන් දිසානායක මහතා චෝදනා කරයි.

2025 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් ඔහු සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් කිරිමට කටයුතු කළ බවට ඔහු චෝදනා කරයි.

අද ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මෙම කරුණු අනාවරණය කර ඇති නවීන් දිසානායක පවසන්නේ මේ වනවිටත් 2025 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක අතර බල අරගලයක් ආරම්භ වී ඇති බවය.


“චමිපික රණවක දන්නවා කවදාවත් එයාට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නෑ කියල. මේ නිසා ඔහු ට ඕන වුණා එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු කණ්ඩායමක් කඩාගෙන අලුත් පෙරමුණක් හදන්න. මේ ආකාරයන් පක්ෂය බිඳිමෙන් ලොකුම වාසිය අත්වෙන්නේ පොදු ජන පෙරමුණටයි.

මීට පෙර ද තමන් නායකත්වයට සුදුසු බවට ඔහු නුවරඑළියේදී කළ ප්‍රකාශය යළිත් අවධාරණය කර ඇති නවීන් දිසානායක පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා තමන්ට සුදුසුකම් පවතින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඒ සඳහා පියවරෙන් පියවර යාම වැදගත් බවත් නායකත්වය වෙනස් විය යුත්තේ කවදාද යන්න පක්ෂය විසින් තින්දු කරනු ලැබිය යුතු කරුණක් බවද එහිදී නවීන් දිසානායක පවසා තිබේ.

Exit mobile version