එච්.අයි.වී ආසාදිතයන් සියයට 14කින් ඉහළට… ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් කොණ්ඩම් කුරියර් මගින් නොමිලේ ගෙදරටම ලබාදීමේ වැඩසටහනක්!

hiv

ශ්‍රියානි විජේසිිංහ –                                        

එච්අයිවී ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසුගිය වරසට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් මේ වසරේ ගතවූ මාස 3ක කාලය තුල අලුතින් එචිඅයිවී  ආසාදිතයින් 695ක් දෙනා හදුනාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 14ක වැඩිවීමක් බව එච්අයිවී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකි විදානපතිරන  සදහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයකින්ම එච්අයිවී ආසාදිතයන් හමු වී ඇති අතර කොළඹ ප්‍රධාන  ලිංගාශ්‍රිත සායනයන තුළ එච්අයිවී ආසාදිතයන් සියයට 40ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසා සිටින ඇයි  වැඩිම පිරිස වයස අවුරුදු 20 – 30 වයස් කාණ්ඩයේ අයවලුන් වන බවද අවදාරණය කරයි. 

 අවදානම් ලිංගික හැසිරීම් වල යෙදෙන පුද්ගලයින්  සිය රුධිර පරික්ෂණ  කර ගැනීම සදහා සායනයන් වෙත ඒමට අකමැති නම් ස්වයං පරික්ෂණ කට්ටල සිය නිවසටම ගෙන්වා ගැනීමට හැකි බවත් ඒ සදහා know 4 surc යෙදවුම බාගත කරවා ගන්නා ලෙසත් ඇය දැනුම් දී සිටියි.

මෙම යෙදවුම හරහා ලිංගාශ්‍රිත සායනයකට යාමට වෙලාවක් සහ දිනයක් වෙන්කරවා ගත හැකි බවත්  අවශ්‍ය කොන්ඩම් නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඇය පෙන්වාදේ.


කොන්ඩම් නොමිලේ ලබා ගැනීමේදී කූරියර් සේවාව මගින් එය සිය නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළක්ද ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් හඳුන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යෙදවුම තුළ ඇතුළත් කර තිබෙන ප්‍රශ්නාවලියට ඔබ ලබා දෙන පිලිතුරු මගින් එච්අයිවී ආසාදනය වීමේ අවදානමක් පවතින්නේද නැද්ද යන්න දැනගත හැකි බවද වෛද්‍ය  විදාණපතිරන පෙන්වාදේ.

Exit mobile version