එක කුඩයක් යටට එන හැටි බලන්න වෙල්ගම ලොකු අයියා ජී.එල් පොඩිමල්ලි හමුවෙලා…

පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) සවස ජී.එල්. පීරිස් ගේ නිවසේ පවත්වා තිබේ.

මේ පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසා තිබුණේ තමන්ගේ පාසලේ පොඩි මල්ලි කෙනෙක් වූ ජී.එල්. හමුවීමට පැමිණ රටේ තත්ත්වය ගැන සාකච්ඡා කළ බවය.

“ජී.එල් පීරිස් මහත්තයා අපේ ඉස්කෝලේ. අපිට වැඩිය පොඩි මල්ලි කෙනෙක්. මේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරන්න මට එන්න ආරාධනා කරා. මම ආවා. ඉතින් දීර්ඝ ලෙස කතා කළා.“

“දැනට මේ කතා කළේ ජී.එල් පීරිස් මහත්තයා සමග පමණයි. අනිත් අය එක්කත් සාකච්ඡා කරනවා. එක කුඩයක් යටතේ අපි ඔක්කෝම එක තැනකට එන්න. අද සාකච්ඡා කළේ නව ලංකා නිදහස් පක්ෂයේ සභාපතියි පොදුජන එක්සත් පෙරමුණේ සභාපති එක්ක. වරදක් නෑනේ. අපි දෙගොල්ලෝම එක කණ්ඩායමේ නෙ.“


“දැන් මම නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට, මට තනියම යන්න බෑනේ. අනෙක් අයගෙත් සහයෝගය අවශ්‍යයි. චන්ද්‍රිකා මැතිනියත් මට හුඟාක් උපදෙස් දෙනවා.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමාර වෙල්ගම මාධ්‍යයට කීවේය.

Exit mobile version