එක්  යන්ත්‍රයක් පණ ගන්වන්නට තිබියදී නොරච්චෝලේ තවත් එකක් බිඳ වැටෙයි!

ලක්විජය බලාගාරය...

නොරච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ එක් ජනක යන්ත්‍රයක් ඊයේ රාත්‍රී (21) හදිසි බිඳවැටීමකට  ලක් වු බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුව නිසා ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම් වරින් වර සිදුව ඇති බවද වාර්තා වේ.

මෙම ජනක යන්ත්‍රය දෝෂ සහිත තත්ත්වයට පත්ව ඇත්තේ පසුගියදා අකර්මණ්‍ය වුණු එක් ප්‍රධාන ජනක යන්ත්‍රයක් අද දිනයේ පණ ගන්වා යළි ජාතික පදධතියට එක් කිරීමට සූදානම්ව පවතින අවස්ථාටවේදී  වීම විශේෂත්වයකි.

ෙමේ පිළිබඳව අප , විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංගගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මෙම බිඳ ටැවීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කාර්ය මණ්ඩලය කටයුතු කරන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (22) දිනය තුළ පසුගියදා බිඳ වැටුණු ජනක යන්ත්‍රය පණ ගැන්වීමට කටයුතු යොදා ඇති බැවින් එය සාර්ථකව සිදුවුවහොත් රට තුළ විදුලි සැපයුමේ සුළු ගැටලු කිහිහිපයක් හැරෙන්නට සමස්තයක් ලෙස නිසි ලෙස පවත්වාගෙන යාමට හැකිවනු ඇති බව සඳහන් කළ අතර එම ජනක යන්ත්‍රයද ඉක්මනින් එක් කර ගැනීමට කටයුතු කරන බව පැවසීය.

Exit mobile version