එක් මාත්‍රාවකට කැමති බව අත්සන් ගෙන එන්නත් කළ ස්පුට්නික් දෙවැනි මාත්‍රාව අනිවාර්යයි

දැනටමත් ප්‍රමාද වැඩියි...ඒත් දෙවැනි මාත්‍රාවක් තවම ගෙන්වා නෑ...

Vaccine

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට කැමතියැයි    නුවර මිනිස්සුන්ගෙන් අත්සන් ලබා ගෙන එන්නත් කළ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අනිවාර්ය බව අද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය අංශ විසින් අද (27) ප්‍රකාශ කළේය.

ස්පුට්නික් එන්නතේ ඵලදායීතාව උපරිම වන්නේ දෙවන මාත්‍රාව සති හතරක් තුළ ලබා දීමෙන් පමණක් බව ලෝකයේ සිදුව ඇති පර්යේෂණ උපුටා දක්වමින් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දුන්හ.

ස්පුට්නික් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට කැමති බව අත්සන් ගනිමින් එන්නත් කිරීමෙන් පසු දෙවන මාත්‍රාවක් ගෙන්වීමට හෝ කටයුතු කර නැති බව මෙහිදී හෙළි විය.

ස්පුට්නික් දෙවැනි මාත්‍රාව පළමු මාත්‍රාවම නොවන බවත් එය වෙනත් ආකාරයේ මාත්‍රාවක් බවත් පෙන්වා දුන් සෞඛ්‍ය අංශ හැකි ඉකිමනින් දෙවන මාත්‍රාව ගෙන්වීමට කටයුතු කරන ලෙස දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටියේ මේ වනවිටත් ඒ සඳහා බෙහෙවින්ම ප්‍රමාද වැඩි බව දන්වමිනි.

මෙහිදී මහනුරව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සෞඛ්‍ය අංශවෙත පොරොන්දු වී තිබුණේ කෙසේ හෝ සති දෙකක් තුළ ස්පුට්නික් දෙවැනි මාත්‍රාව ගෙන්වා දීමට තමන් මැදිහත්වන බවය.

Exit mobile version