එක් කොවිඩ් ප්‍රභේදයක් තුළ ජාන විකෘති තුනක් හමුවන ලොව එකම අවස්ථාව  ලංකාවෙන්… ආචාර්ය චන්දිම ජීවන්දර

Chandima-Jeewandara

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය තුළ ජාන විකෘතිතා තුනම  දක්නට ලැබෙන බවත්  එක් ප්‍රභේදයක් තුළ ජාන විකෘති වීම් තුනක් හටගත් ලෝකයේ ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

දිවයින පුරා ප්‍රදේශ ගණනවකින් කොවිඩ ආසාදිත රෝගීන්ගේ නියැදි 88ක්  ලබා ගත් බවත් ඉන් නියැදි 84ක් ඩෙල්ටා වයිරසය ආසාදිත වුවන්ගේ නියැදි බවත් ආචාර්යවරයා සඳහන් කරයි.

මෙම රෝගීන් කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශයන්වල,  නුවර, මාතලේ, රත්නපුර ,ගම්පහ ආදී විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බවද ඔහු සදහන්කරයි.


මෙහිදී  එන්නත්කරණයෙන් ලැබෙන ප්‍රතිශක්තියට මෙම විකෘතිතාවන්ගෙන් සිදුවිය හැකි බලපෑම කෙබඳුද  යන්න පිලිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද ආචාර්ය ජීවන්දර   පැවසීය.

මෙසේ හඳුනාගත් ජාන විකෘතී තාවන් අතර ඒ 701 නැමැති ජාන විකෘතිය මේ වන විට වාර්තා වන්නේ ලංකාව තුළ පමණක් බවත්  ඒ222 එස් නැමැති විකෘතිතාව ලෝකයේ වෙනත් රටවලින්ද  වාර්තා වූ අතර  ඒ 1078 එස් මැලේසියාවෙන් පමණක් වාර්තා වූ බවද හෙතෙම පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදයේ ජානවිකෘතිතාවක් ඇති වීමෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රභේදයක් ඇතිවිමට ඉඩ ඇතැයිද  ඔහු පෙන්වාද‍ේ.

සාස් කොවිඩ් වයිරසය දිගින් දිගටම බෙදීමටක ලක්වන විට මාසයකට විකෘතිතා දෙකක් පමණ ඇතිවන බවත් ඒ සඳහා රෝගය වේගයෙන් පැතිර යා යුතු බවත් ඔහු පෙන්වාදේ.

එංගන්තයේ කොවිඩ් වයිරසය වේගයෙන් පැතිරිමේදි ඇල්ෆා ප්‍රභේදය ගොඩනැගුණ අතර  ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය ගොඩනැගුණ බවත්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා ඇතිවීම නව ප්‍රභේදයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීමේ  අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

Exit mobile version