මෙරට නියෝජිත එක්ස්ප්‍රස් පර්ල් කපිතාන්ට යැවූ සමහර ඊ-මේල් මකලා!

ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අනතුරට ලක්වීමට පෙර එහි කපිතාන්වරයා වෙත නෞකාවේ මෙරට නියෝජිතායතනය විසින් යවන ලද ඊ මේල් පණිවුඩ කිහිපයක් මකා දැමීමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් විසින් හෙළිකර ගනු ලැබ ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ඊ මේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ගොනුව’ ලබා ගැනීමට අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ 07 කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මියගෙන් ඉල්ලා තිබුණි.

නෞකාවේ ගින්න නයිට්‍රික් අමිලයෙන් සිදුවූ බවට තොරතුරු මුලින් කියැවුණත් ඊට ප්‍රථමයෙන් ඇමෝනියා මත ගින්න හටගෙන ඇති බවට මෙතෙක් කර ඇති විමර්ෂණවලින් හෙළි වී ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය අද දැනුම්දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බැවින් වැඩි දුරටත් විමර්ෂණ සිදුකෙරෙමින් පවතින බවද අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
සංගප්පඋරුවේ එක්ස්ප්‍රස් ෆීඩර් සමාගමට අයත් මෙම නෞකාවේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කර ඇත්තේ සී කොන්සෝටියම් ලංකා නම් සමාගමයි.

Exit mobile version