එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැදුම්කරයක් මත මුදාහැරේ

colombo high court

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අද (14)අත්අඩංගුවට ගත් එහි කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැරී තිබේ.

කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඔහු රුපියල් මිලියන 2ක පුද්ගලික බැදුම්කරයක් මත නිදහස් කිරීමට නියෝග කෙරුණි.


කපිතාන්වරයාට විදේශගතවීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ද තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණය තීන්දු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරාය ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version