එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් හෙළිදරව්ව සම්බන්ධව අධිකරණ ඇමති විජේදාසගෙන් CID ප්‍රකාශයක් ගන්න යයි!

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය හේතුවෙන් සිදුවූ අලාභානිවලට වන්දි ලබා ගැනීම සඳහා එම නෞකාව අයත් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කිරීමේ දී එම නඩු කටයුතු සඳහා බලපෑම් කිරීමට  අල්ලසක් ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින්  සිදුකළ හෙළිදරවුවට අදාලව  ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කර ඇතැයි   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අධිකරණ අමාත්‍යවරයා ලබන සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම හෙළිදරව්වෙන් පසු අදාළ පුද්ගලයාගේ විදේශ ගිණුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විමර්ශන ඒකකය සමඟ පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය නැවත තක්සේරු කිරීමට පියවර ගෙන ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අධිකාරියේ සභාපති නීතීඥ අසේල බී රැකව පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වාර්තාව සකස් කරන බවයි.

Exit mobile version