එකම විසඳුම ආණ්ඩුව විසුරුවාහැර මැතිවරණයකට යෑමයි… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ඊයේ පාර්ලිමේන්තුවෙ ඇතිවුන සිද්ධියෙන් අනතුරුව ශ්‍රීලනිපය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ   ඩීල් එකක ඉන්න බව රටේ ජනතාව විශ්වාස කරන්නට පටන් ගත් බවත් දැන් ඇති එකම විසඳුම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හැකි අයුරකින් ඉක්මන් මැතිවරණයකට   යෑම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

පොහොට්ටුවෙ කුමන්ත්‍රණයට ස්වාධීන කණ්ඩායම සහ විපක්ෂය  හසුවන්නේ රටේ ප්‍රශ්නය සම්බන්ධ ප්‍රබුද්ධ සංවාදයක් විපක්ෂය තුළ  ගොඩනොනැගීම  නිසා බව ඔහු  කියයි.

ඊයේ සිද්ධියේ දී ස්වාධීන වූ කණ්ඩායම මෙන්ම විපක්ෂය ද සම්පූර්ණයෙන් වැරදි බව මහාචාර්යවරයා කීවේය.

“මුල් අවස්ථාව ගිලිහී ගියා… දැන් තියනවා දෙවැනි අවස්ථාව. ඒ තමයි විශ්වාසභංගය. ඒක සාර්ථක කරගන්න ආණ්ඩුවට විරුද්ධව ඉන්න 40 එක්ක කථා කරගන්න ඕන. ඒත් මේ තරම් ප්‍රශ්නයක් රටේ තිබෙද්දි  අද වෙනතෙක් ඒ සම්බන්ධව  විධිමත් සාකච්ඡාවක් පවත්වලා නෑ. ඒකෙ තියන කරුණු සාකච්ඡා කරලා නෑ.  මේ විශ්වාසභංගය ඉතාම සංවිධිතව මෙන්ම  ක්ෂණිකව ගෙනෙන්න ඕන එකක්.“


මේ මොන දේ කළත් තවත් සති දෙකක් තුනක් යනවා. එතකොට දැන් මේ තියන ප්‍රශ්නය දෙගුණ තුන්ගුණය වෙලා රටට දැනෙනවා. මේ ජරා ජීර්ණ දේශපාලනය ඇතුළෙ මොනවා කළත් වැඩක් නෑ කියන මතය දැන් රටට ගිහින් ඉවරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තරුණ පිරිස් දැඩි ආවේගශීලීව විනාශකාරී තැනකට යොමුවෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. එහෙම තියෙද්දිත් මේ ඩීල් තවදුරටත් යනවා නම් ඒක කෙළවර වෙන්න තියෙන්නෙ මහා විනාශයකින්.  මේ වෙලාවෙ ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්න ගණනාවක් තියනවා. ඒත් කළ යුතු එකම විකල්පය විදිහට ඉතිරිවෙලා තියෙන්නෙ ඉක්මන් ඡන්දයකට යෑම විතරයි. සම්පත් සොයාගෙන කෙසේ හෝ එය කළ යුතුයි. එසේ නොවුනහොත් රටේ මහා විනාශයක් වේවි.“

Exit mobile version