එකම පවුලේ පස් දෙනාගේ හොර කණ්ඩායම අත් අඩංගුවට

දිනසේන රතුගමගේ –

යාපනය කිළිනොච්චිය හා මුලතිව් යන පළාත් වල නිවාස 150 කට වැඩි සංඛ්‍යාවකින්  ස්වර්ණාභරණ මුදල් ජංගම දුරකතන හා ලැප්ටොප් ඇතුළු භාණ්ඩ හොරකම් කළ එකම පවුලේ සාමාජිකයින් කණ්ඩායමක පස් දෙනෙකු  මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඊයේ ( 1 ) අත් අඩංගුවට ගෙන තිබේ.

අපරාධයේ ප්‍රධානියා   වඩුකොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව වාර්තා වේ. 

මෙම හොරකම් වලට සම්බන්ධ වූ ඇත්තේ ඔහුගේ බිරිය, නැගණිය මස්සිනා හා පුතුන් බවට පොලීසිය හඳුණා ගෙන ඇති අතර මේ හොර කණ්ඩායම විසින් හොරකම් කළ  ස්වර්ණාභරණ ඇතුලු බොහෝ දේ පොලීසිය විසින් සොයා ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version