එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුන් ඉරියව් ක්‍රීඩක මොයින් ඛාන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගම එංගලන්ත කණ්ඩායමේ සියලුම දෙනාට සහ කාර්ය මණ්ඩලය ඊයේ කොවිඩ් පරීක්ෂණට ලක් කළ බවත්, කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වූ නිසා අද ශ්‍රී ලංකාවේ සීමිත පුහුණුවක් ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවත් වාර්තා වේ.

එංගන්ත කණ්ඩායමේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසුවේ එය ඉතාම සුභදායී ආරංචියක් බවත් මොයින් ඛාන් හැරෙන්නට කොවිඩ් පරීක්ෂණයෙන් පසු යහපත් සෞඛ්‍ය තත්වය ගැන තහවුරු කළ එංගලන්ත කණ්ඩායම පාලිත තත්ව යටතේ අද දහවල් පුහුණුවීම් අරඹන බවත්ය.

එංගලන්ත සංචිතය ඉරිදා ලංකාවට පැමිණ ටික වේලාවකින් මොයින් ඛාන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඔහු කණ්ඩායමෙන් වෙන් කර වෙනත් හෝටලයක හුදකලා කරනු ලැබීය.

මොයින් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ ක්‍රිස් වොක්ස් කොවිඩ් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත නැති බව තහවුරු වුවද ඔහු තව දුරටත් හුදකලා කර සිටී.
එංගන්ත කණ්ඩායම හෙට තුන්වන වරටත් කොවිඩ් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව ඇත.

ප්‍රභලව පැතිරී යන කොරෝනා වෛරස් ප්‍රභේදයක් නිසා එංගලන්තයෙන් එන සියලුම සංචාරකයන් හා ගුවන් ගමන් ලංකාව විසින් අත්හිටුවා ඇති පරිසරයක ජෝ රූට් ප්‍රමුඛ එංගලන්ත කණඩායම ලංකාවට පැමිණියේ විශේෂ ගුවන්යානයකිනි.

18 දෙනෙකුගෙන් යුතු එංගලන්ත සංචිතය ලංකාවට පැමිණියේ පසුගිය මාර්තුවේ අත්හිටවු එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙනි. කොවිඩ් වෛරස් බිය නිසා එංගලන්තය දකුණු අප්‍රිකානු සංචාරය ද පසුගිය මාසයේ අත්හිටවනු ලැබීය.

ජනවාරි 14 වැනිදා ගාල්ලෙන් අරඹීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජෛව ආරක්ෂක බුබුළක් තුළ සැලසුම් කිරීමට දැන් කටයුතු සියල්ල සම්පාදනය වී තිබේ. තරගාවලියම පරාජය වී අවසන් තරගය දින 2කට කලින් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිකුරාදා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර
ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමට ජෛව ආරක්ෂක බුබුලකට යොමු කිරීමට සැලසුම් කර ඇත.



Exit mobile version