ඌරන්ට නීපා වැළඳී ඇති දැයි සොයන්න ඌරු කොටු පරීක්ෂාව හෙට අරඹයි!

ශ්‍රියානි විජේසිංහ –                                          

ඌරු  ගොවිපොළ තුළ වැඩෙන ඌරන්ට නිපා වෛරසය ආසාදනය වී තිබේද යන්න පිලිබඳ පරික්ෂා කිරිමට හෙට දිනයේදී ආරම්භ කරන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි කොතලාවල    සඳහන් කරයි.

මේ අනුව ගොවිපලවල සූකරයින්ගේ රුධිර ලබාගෙන ඒවා පරික්ෂා කිරීමට හෙට සිට ආරම්භ කරන බවත් මේ සදහා පශු වෛද්‍ය නිලධාරින්ගේද සහයෝගය ලබා ගන්නා බවත් ඇය පවසා සිටියාය.

සූකර ගොවිපලවල්  වැඩි වශයෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල පිහිටා ඇති බැවින් එම ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවද ඇය සදහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් යම් හෙයකින් සූකරයෙකුට නිපා වෛරසය ආසාදනය වී තිබුණහොත් එය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු පියවරයන් කවරේද යන්න පිලිබද දෙවනුව තීරණය කරන බවද ඇය සඳහන් කළාය.


Exit mobile version