ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ස්ථිරයි

ඇමති ජී.එල්.පීරීස් කියයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඔක්තෝබර් මස 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවත්වෙන අතර උසස් පෙළ විභාගය ඒ අනුව ඔක්තෝබර් මස 12 වැනිදා සිට ආරම්භ වේ.

ශිස්‍යයන්ගේ උනන්දුව උද්‍යේගය පිළිබඳව සලකා සියලු සෞඛ්‍යාරක්ෂිත පිලිවෙත් පිළිබඳව දැඩි අවදානයක් යොමු කොට සෞඛ්‍ය අංශ සමඟද සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවද මහාචාර්ය ජී.එල් පීරිස් මීට සුළු මොහොතකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ විභාග මධ්‍යස්ථානවල විභාගයට මුහුණ දෙන අපේෂකයන්, ගම්පහ සිට අනෙක් දිමස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ප්‍රවාහන සේවා අවදානම් අවම වන ආකාරයට ප්‍රවාහන පහසුකම් ලබා දීමද විභාගය සඳහා පිට පළාත්වලට ගම්පහට පැමිණෙන අපේක්ෂකයන් ගමනා ගමන මණ්ඩලය සඟ සාකච්ඡා කොට අංග සම්පූර්ණ විභාග මධ්‍යස්ථානවල විෂ බීජහරණය දුරස්ථභාවය, මුඛ ආවරණ ඇතුලු පරිසරය සකස් කර ගැනීම.


නිරෝධායනයට ලක්ව සිටින ශිෂ්‍යයන් සඳහා විහේෂ මධ්‍යස්ථාන පිහිටුවන බවද අමාත්‍ය මහාචාර්ය පීරිස් මෙහිදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2936ක සිසුන් 331000ක් පෙනී සිටින බවත් උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයන් 362000ක් විභාග 2644ක එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන් ගණන 160ක් වනු ඇති බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

Exit mobile version