උඹවයි පවුලෙ උන්වයි කපලා මරණවා.. කුඩු අංජු ගල්කිස්ස එස්.එස්.පී. ට තර්ජනය කරයි

කොළඹ අවට පාතාලය මඩින්න ජනාධිපති මැදිහත් වීමෙන් විශේෂ පුහුණු ලද ආරක්ෂක ඒකකයක් යොදවයි...

පොදු ජන පෙමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුගේ ආරක්ෂක කොන්ත්‍රාත්තුව භාර ගත් ඩුබායි හි සැඟවී  සිටින පාතාල නායකයෙක් වූ අංජු නැමැත්තා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් ඔහුගේ පවුලේ පිරිසත් කපා කොටා මරා දමන බවට තර්ජනය කර තිබේ.

ඩුබායිහි සිට දුරකථන ඇමතුමක් දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මේ පාතාලයා විසින්  තර්ජනය කර ඇත්තේ පසුගිය දා රත්මලානේ ලක්මැදුර හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් කොණ්ඩා ජනිත නැමැති අපරාධකරු අත්අඩංගුවට ගැනීමත් සමගය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධනංජ සිල්වාගේ පියා ඝාතනය කළ සිද්ධිය අත්අඩංගුවට පත් වී ඇප පිට නිදහස්ව සිටින කොණ්ඩා ජනිත ලක්මැදුර හෝටලයට වෙඩි තබන්නේ ඉහත දේශපාලකයාගේ සමාජ සුබසාධන කටයුතු සඳහා යැයි කියා ලක්ෂ 05ක කප්පමක් ඉල්ලා එය හෝටලය අයිතිකරු විසින් නුදුන් විටය.


Exit mobile version