උඹන්පොල අනතුරින් එක් අයෙක් මරුට… 04කට බරපතලයි.

ඊයේ (04) පස්වරුවේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොල මධ්‍යමහා විද්‍යාලය  දී වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව පසුපසින් පැමිණි වෑන් රථයක් ලොරි රථයේ ගැටී දරුණු ලෙස අනතුරට ලක් වීමෙන් වෑන් රථයේ රියදුරු මිය ගොස් එහි ගමන් කළ පිරිසත් පිටුපසින් ගැටුනු රථයේ පිරිසත් ඇතුළු අනතුරට ලක් වූ සියලු දෙනා රෝහල් ගත කර තිබේ.

රොහල් ගත කළ පිරිස 13කි. ඒ අතර වයස  අවුරුදු එක හමාරක දරුවෙක් ද ඇතැයි වාර්තාවේ. රෝහල් ගත කල සිව් දෙනෙකු ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඹන්පොළ පොලිස් ස්තානාධිපති පොලිස් පරීක්ෂක සේනානායක ගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


Exit mobile version