උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙයි – මහ බැංකුව!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2023 ජුනි මාසයේදී ද තියුණු පහළ යෑමක් වාර්තා කර ඇති බව මහ බැංකුව ඊයේ (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 12.0 දක්වා පහළ යෑමක් වාර්තා කරන බවත් මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වන බවත් මහ බැංකුව කියා සිටියි.

වසර දෙකකට පසුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 21.5හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 41 දක්වා තනි අගය මට්ටමකට පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ පැවති සියයට 27.0හි සිට 2023 ජුනි මාසයේ දී සියයට 16.2 දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

දැනට පවතින තොරතුරු අනුව, 2023 වසරේ තුන්වන කාර්තුව මුල් භාගයේදී උද්ධමනය තනි අගයක මට්ටමට අඩු වී නිරුද්ධමන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවීමට අපේක්ෂිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල පසු බලපෑම, බල ශක්ති මිල හා ආහාර මිල ගණන් වල අපේක්ෂිත පහළ යෑම් සහ ඒවායේ පසු බලපෑම්, සහ විනිමය අනුපාතිකය අධිප්‍රමාණය වීම හේතුවෙන් භාණ්ඩ හා සේවාවල සිදු විය හැකි මිල සංශෝධන, මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම් ද සහාය වනු ඇති බව මහ බැංකුව තවදුරටත් කියා සිටියි.

Exit mobile version