උද්දච්චකමයි මහන්තත්කමයි නැති දේශපාලකයින්ට මිනිස්සු හූ කියන්නෙ නෑ… රාජ්‍ය ඇමති දයාසිරි

නිහතමානීව හිස පහත් කර උද්දච්චකමින් මහන්තත්ත කමින් තොරව ජනතාව සමග කටයුතු   කරනවා නම් මිනිස්සු දේශපාලකයන්ට  හූ කියන්නෙ නැති බව රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර පවසයි.

ඔහු අද මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ඇමතිවරයා මෙසේද පැවසුවේය.


“මිනිස්සුන්ගෙ වෛරයක් තියනවා. මිනිස්සුන්ගෙ වේදනාවක් තියනවා. බඩුමිල වැඩිවෙලා තියනවා. ගෑස් මිල වැඩිවෙලා තියනවා. ගෑස් අරගෙන යනවා කියන්නෙ බෝම්බයක් ගෙදර අරන් යනවා වගේ තත්වයක් වෙලා තියනවා.

“මේකට විසඳුමක් ආණ්ඩුව දිය යුතුයි. ජනාධිපතිතුමා ට අපි කියන්නෙ බෝම්බ පුපුරණවා වගේ ගෑස් පිපිරුණු ඉතිහාසයක් අපේ රටේ ඇතිවුණේ නෑ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒක කළ කෙනා කවුද?. ඒ අය හොයලා දඬුවම් දෙන්න. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති තුමාට අපි දැවැන්ත බලයක් දීලා තියනවා. ඒ බලය පාවිච්චි කරයි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා. “

Exit mobile version