උද්ඝෝෂකයන් අතර මත ගැටුමක්… මහින්දට එරෙහි ඉතාලි උද්ඝෝෂණය දියාරු වේ…

අගමැති මහින්ද රාජපක්ෂ  ඉතාලියේ සංචාරය කරන අවස්ථාවේ දී ඉතාලි වාසී ශ්‍රී ලාංකිකයන් සංවිධානය කළ විරෝධතාවයේ දී උද්ඝෝෂකයන් අතර මත ගැටුමක් ඇති වී විරෝධතාවය දියාරු වී ගියේය.

බොලොඤ්ඤවල අගමැතිවරයා නවාතැන්ගෙන සිටි හෝටලය ආසන්නයේ  පැවැත්වූ මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බව කියන බොලොඤ්ඤහි වෙසෙන කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් විසින් උද්ඝෝෂණය සඳහා අවසර ගෙන තිබුණේ 40කට පමණි.

කෙසේ වෙතත් පසුව ඒ සඳහා විවෘත ආරාධනාවක් සහිතව දැන්වීමක් අන්තර්ජාලයේ පල විය. එම දැන්වීම අනුව ඉතාලියට අමතරව ජර්මනියේ සහ ප්‍රංශයේ සිටත් ලාංකිකයෝ පැමණ සිටියහ.


මේ පිරිස හතලිහකට සීමා නොකර  සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීමට ඉතාලි පොලිසියෙන් අවසර ලැබී තිබිණි. එහෙත් උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස ප්‍රශ්න කළේ බොලොඤ්ඤවලට පිටින් මේ උද්ඝෝෂණයට පිරිස් පැමිණියේ කුමක් නිසාද කියාය.

මෙහිදී  ඉතාලියෙන් පිට රටවල සිට පැමිණි විරෝධතා කරුවෝ ප්‍රකාශ කළේ තමන් මේ සඳහා සහභාගී වුනේ පාස්කු ප්‍රහාරය යට ගසමින් සිදුවෙමින් ඇති අකටයුත්තට ලාංකිකයන් ලෙස විරෝධය දක්වන්නට බවත් ඉතාලියේ මිලානෝවල සිටවත් පැමිණ  ලාංකිකයන්ට මෙම උද්ඝෝෂණයට එක්වීමට මේ සංවිධායකයන් ඉඩ නුදුන් බවත්ය.  උද්ඝෝෂණයට එක් වීමට බාධා කළේ පොලිසිය නොව මෙය සංවිධානය කළ පිරිස බවය.

“ මේ අය  විරෝධතාවයට එන පිරිස්  හරවා යැවුවා. නැවැත්තුවා.  එහෙම නොවුනා නම් දහස් ගණන් මිනිස්සු මේ විරෝධතාවයට එනවා.    ආණ්ඩුවේ සල්ලිවලට සැබෑ විරෝධය යටපත් කිරීමට සංවිධායකයන් කටයුතු කළා.“ පිරිසක් චෝදනා කළහ.

අගමැතිතුමා ඉන්නේ ඉදිරියේ ඇති හෝටලක නිසා එම සීමාව පසු කළ නොහැකි බව කී උද්ඝෝෂණය සංවිධානය කළ පිරිස “ඔයාලට ඕන නම් තව ඉන්න… අපි දැන් යන්න ඕන“ කියා පිටව යනු පෙනුනි. “බොලඤ්ඤාවල අපි 15ක් විතර ඉන්නේ. ඔයාලාට එන්න කිව්වෙ කවුද?“ පිටව යන්නට කලින් එක් සංවිධායකයෙක් පැමිණ සිටි උද්ඝෝෂකයන්ගෙන් ඇසුවේය.

කෙසේ වෙතත් පැමිණි විශාල පිරිසක් සාමකාමීව විරෝධතාවයක නිරතව විසිර ගියහ.

කතොලික සභාව වෙනුවෙන් පියතුමන්ලා දෙදෙනෙක් විරෝධතාවයට එක් වූහ. ඔවුන් කීවේ මේ විරෝධතාවයට සිංහල කතෝලික, බෞද්ධ අය පමණක් නොව මුස්ලිම් ජනතාවත් සහභාගී වූ බවත් මේ විරෝධයේ වාර්ගික හෝ දේශපාලනික ආගමික භේදයක් නැති බවත්ය.

“ මේ ඉන්නෙ ලාංකිකයයන්. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට මේ මොහොතෙ බලාපොරොත්තු වෙන්නෙ යුක්තිය. ඒ වෙනුවෙන්  අපි සියල්ල එකතු වුනේ  දේශපාලන අරමුණක් ඉටු කරගන්න නෙමෙයි. වහාම යුක්තිය ඉටු කරන්න. මේකට පිළිතුරක් නොලබා ඉදිරියට යන්න බෑ. උන්වහන්සේ ලා කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළු ඇඳගත්ත ජනතාවක්  කළු කොඩිය සිංහ කොඩි  සමග උද්ඝෝෂණයට එක් වී සිටියහ.

Exit mobile version