උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමට එරෙහිව විරෝධය පල කිරීම සඳහා දකුණේ ස්වෙච්ඡා සංවිධාන කීපයක්ම අද (27)   යාපනයට ගොස් යාපනය බස් නැවතුම් පල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින්  සංවිධානය කළ මෙම විරෝධතාවයට දකුණේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම  සහයෝගය දක්වන ලද අතර  ඔවුන් සමග යාපනයේ ධීවර සමීති හා ධීවර සමුපකාර සමීතිවල සාමාජික සාමාජිකාවෝද එක්ව සිටියහ.

මෙම විරෝධතාවයෙන් පසුව යාපනය මාධ්‍යවේදී සංසදයේදී අදහස් දැක් වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන්   ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජයත් ඉන්දීය රජයත් උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් පැමිණ සිදු කරනු ලබන මසුන් මැරීම නවතාලීමට පියවර නොගන්නා බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය නිසා උතුරේ ධීවරයින්ට සතියකට මාලු කිලෝ ග්‍රෑම් ලක්ෂ දෙකක් පමණ අහිමි වී යන බවත් සාගර සම්පත් විනාශ වී යන බවත් ප්‍රකාශ වූ අතර ඉන්දීය ධීවරයින්ගේ මේ බලහත්කාර පැමිණීම නවතා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ඉතා කඩිනමින් ගත යුතු බවද අවධාරණය කෙරුණි.

 

Exit mobile version