උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවක උපවාසයේ දී සිහි සුන්වූ කාන්තාවන් 03ක් රෝහලේ…

ඊයේ එක් කාන්තාවක් රෝහල්ගත කළා... එක් සෞඛ්‍ය සේවකයෙක් සිය දිවි හානි කරගන්න හදලා...

දිනසේන රතුගමගේ –

උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවක සේවිකාවන් විසින් ආරම්භ කොට ඇති චක්‍රීය නිරාහාර උපවාසයේදී  කාන්තාවන් තුන් දෙනෙකු සිහිසුන් වී අද (16 ) උදෑසන වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී ස්වේච්ඡා සෞඛ්‍ය සේවක සේවිකාවන් 454 දෙනෙකු මෙම උපවාසය ආරම්භ කොට ඇත්තේ ඔවුන් නියමිත සුදුසුකම් සපුරා ඇතත් ඔවුන්ගේ පත්වීම් ස්ථිර නොකිරීමට එරෙහිවය.

උපවාසකරුවන් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමු වී මීට විසදුමක් ඉල්ලා සිටීමට අවශ්‍ය බව ප්‍රකාශ කළත් ඔවුන්ට ආණ්ඩුකාරවරිය හමුවීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔවුන් 16 ද උදෑසන යළි විරෝධතාවයක් ආරම්භ කළ අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනෙකු සිහි සුන්ව බිම ඇද වැටී තිබේ.


ඊට පෙර දිනයේදී තවත් කාන්තාවක් මෙලෙස බිම ඇද වැටීම නිසා රෝහල් ගත කොට තිබු අතර එක් සෞඛ්‍ය සේවකයෙකු ඔහුගේ සිරුරට භූමිතෙල් වත්කර ගෙන ගිණි තබා ගැනීමට ගත් උත්සාහයක් වෙනත් පිරිසක් විසින් මැඩ පවත්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චක්‍රීය නිරාහාර උපවාසයේ නිරත පවසන්නේ සෑම අවස්ථාවකම විවිධ බොරු කියමින් පාලකයින් තමන්ගේ පත්වීම් ස්ථිර කිරීම කල් දමන නිසා මෙවර ස්ථිර විසදුමක් ලැබෙන තුරු උපවාසය අත් නොහරින බවයි.

Exit mobile version