උතුරේ වැඩිම කොවිඩ් ආසාදිතයන් හමුවුණු ගම්මානය යළිත් වසා දැමේ…

මේ වනවිට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 281ක්...

දිනසේන රතුගමගේ –

හුදෙකලා කොට යළි විවෘත කළ වවුනියාවේ පට්ටානීචූර් ගම්මානයේ කොටසක් යළිත් වරක් කොරෝනා රොගීන් වැඩිවීම හේතුවෙන් ඊයේ ( 21 )  රාත්‍රී වසා දමා තිබේ.

මේ වනවිට ලංකාවේ එකම ගමකින් වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමණය හමු වූ ගම්මානය ලෙස මෙම ගම්මානය හඳුනාගෙන තිබේ.

වවුනියාව පට්ට්නාචූර් ගම්මානයෙන් කොරෝනා රෝගය වැළදුණු රෝගීන් හය දෙනෙකු  හමු වීමත් සමගම එය විශාල පොකුරක් බවට පත්වීමෙන් ජනවාරි මස 3   ගම්මානය  හුදෙකලා කොට වසා දමනු ලැබීය.


යළි මේ ගම්මානය ජනවාරී මස 18 වෙනිදා විවෘත කිරීමත් සමගම රෝගීන් හමු වීමේ සීඝ්‍රතාවය ඉහළ යාම නිසා සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත ගම්මානයේ කොටසක් 21 දා රාත්‍රියේ වසා දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට එම ගම්මානයෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 281  ක් දක්වා ඉහල ගොස් තිබේ.

Exit mobile version