උතුරේ බොක්සිං ශූරයෝ රට රනින් සරසති….

දිනසේන රතුගමගේ –

ජාත්‍යාන්තර මිශ්‍ර බොක්සින් තරගාවලියේදී උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5 ක් හා රිදී පදක්කම් 2 ක් ලබා ගෙන  ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කොට දී තිබේ.

ඉන්දියාවේ කාශ්මීරයේදී 2023 මැයි 7, ​​8 සහ 9 යන දිනවල පැවති මෙම බොක්සිං තරගාවලියේදී ශ්‍රී  ලංකාවට දෙවන ස්ථානය  හිමි විය.

උතුරු පළාතෙන් සහභාගී වූ ක්‍රීඩිකාවන්   බොක්සිං පුහුණුකරු  එම්.එස්.නන්දකුමාර්  ගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලියට සහභාගී වු අතර ඔවුන් ආපසු වවුනියාවට පැමිණීමෙන් පසුව ඔවුන්ව පිළිගැනීම සඳහාත් ඔවුන්ට ආශිර්වාද කිරීම සඳහාත් විශේෂ  උත්සවයක් වවුනියාවේ කන්දසාමී කෝවිලේදී පැවැත්වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාශ්මීරයේ පැවති බොක්සින්තරගාවලියේදී සංමුගනාදන් සංජයන් ,දස්සනමූර්ති මහීෂා, ජයවර්ධන සෙව්මිණි ඉමේෂා, මුරුගන් විනෝද්, කුමාර් කෘෂාන්තන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම්ද  සිවකුමාර් ඩාර්නික තංගම් ,රාමනාදන් දිව්‍යා තංගම් යන  අය රිදී පදක්කම්ද දිනා ගැනීමට සමත් වී තිබේ.


Exit mobile version