උතුරේ නිධන් හෑරීම් යුද්ධයෙන් පසු ඉහළ ගිහින්

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ

දිනසේන රතුගමගේ

උතුරේ පුරාවස්තු විනාශ වීම හා එම ස්ථාන වල නිධන් හෑරීම යුද්ධයෙන් පසුව වැඩි වී ඇතැයි උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ ජනාධිපති ලේකම් කාර්යාලයට දැණුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිතයෙකුට උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ පුරාවිද්‍යාත්මක ස්ථාන වල නිධන් ඇති බවට ඇති විශ්වාසය මත නිධන් හොරු බුදු පිළිම චෛත්‍යය හා අසනඝර කඩා බිද දමමින් වස්තුව සොයන බවයි.


යුද සමයේදී දකුණේ පිරිස මේ පළාත් වලට පැමිණීමට දැක් වූ බිය නිසා පුරාවිද්‍යා ස්ථාන හා නිධන් ආරක්ෂා වූ බව පවසන අධිකරණ සංඝනායක හිමියෝ යුද්ධය අවසන් වීමත් සමගම දකුණෙන් උතුරට පැමිණෙන පිරිස පුරා විද්‍යා ස්ථාන විනාශ කිරීමේ කටයුතු වල නිරත වන බවද කියා සිටිති.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථාන හදුණාගෙන ලේඛන ගත කොට ඇතත් එම ස්ථාන වලින් විශාල ප්‍රමාණයක් කැණීම් මගින් තහවුරු කොට නොතිබීම නිසා එවැනි පුරා විද්‍යා ස්ථාන වලට මුරකරුවන් යෙදවීමද අපහසු වී ඇතිබව උන්වහන්සේ පෙන්වා දෙයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුව මුරකරුවන් සීමිත සංඛ්‍යවක් සිටීම නිසා උතුරු පළාතේ පුරා වස්තු වලට ආරක්ෂාව සැපයීම් අසීරු වී ඇති බැවින් එම ස්ථාන විනාශ කිරීම ඉතා සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති නිසා මේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම පිණිස විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරණ මෙන් මුවඇටගම ආනන්ද නායක හිමියෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුවඇටගම ආනන්ද හිමියෝ

 

Exit mobile version