උතුරේ ධීවරයින්ගේ පහරදීමකට එරෙහිව තමිල්නාඩු ධීවරයින් දැවැන්ත උද්ඝෝෂණයක…   

දිනසේන රතුගමගේ –

උතුරේ ධීවරයින් පිරිසක් තමිල්නාඩුවේ ධීවරයින් පිරිසකට පහරදීමට විරෝධය පල කිරීම සදහා තමිල්නාඩුවේ හා රාමේස්වරන් ධීවරයෝ ඊයේ (25) සිට  විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

ඔවුන් ප්‍රකාශ කොට සිටින්නේ මුහුද මැදදී සිදුකළ මෙම පහර දීම නිසා ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත්ය.

ඉන්දීය ධීවරයින් සතුව තිබූ ජංගම දුරකතන ජී.පී ආර්.එස්. යන්ත්‍ර  හා දැල් ද උතුරේ ධීවරයින් විසින් කොල්ල කා පලාගිය බව පවසන තමිල්නාඩු ධීවර සංගම් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන්ගේ විරෝධතාවය තුළින් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා රජයත් ඉන්දියාවේ මධ්‍යම සහ ප්‍රාන්ත රජයත් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තමිල්නාඩුවේ සියලුම ධීවරයින් විරෝධතාවට එක්වන බවට නාගපට්ටින නාවිකයින්ගේ සංගමයේ සභාපති සෞන්දරරාජන් අනතුරු අඟවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් තුවාල ලැබූ නාවිකයින් තිදෙනා නාගපට්ටිනම් රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේලන්කන්නි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද  ගොනු කර ඇත.

Exit mobile version