උතුරේ කඩු මැරයන් මැඩ දෙන්නැයි ආරක්ෂක ලේකම්ට කළ ඉල්ලීමෙන් පසු 07 වැනි මැර ප්‍රහාරයත් එල්ල වේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ ක්‍රියාත්මක මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වන මෙන් ඉල්ලා මීට මාසයකට පමණ ඉහතදී උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්.චාර්ල්ස්  ය විසින් ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව දැන්පවීමේ අනතුරව   යාපනයේ කල්ලි විසින් යාපනයේ සිදු කළ හත් වෙනි ප්‍රහාරයත් ඊයේ (16) රාත්‍රියේ එල්ල විය.
යාපනයේ කෝණ්ඩාවිල් දකුණ අරසඩි ප්‍රදේශයේ පිහිටි නිවසකට යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියේ සාමාජිකයින් පිරිසක් විසින් 16 දා රාත්‍රී 9 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.
ප්‍රහාරය සදහා පැමිණි පිරිස නිවසට පහර දී අලාභ සිදු කිරීමෙන් පසුව  නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට හා යතුරු පැදි දෙකකටද දැඩි හානි සිදු කොට තිබේ.
ප්‍රහාරය සදහා යතුරු පැදි කීපයක නැගුණු තරුණයින් පිරිසක් පැමිණි බවත් ඔවුන් සියලුම දෙනා මුහුණු ආවරණය කරගෙන සිටි බවත් නිවෙස් හිමියා පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
යාපනය පොලීසිය මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

 

Exit mobile version