උතුරු මුහුදට බැස්ස චීන්නුන්ගේ සුබ සාධන පරන්තන් වැසියෝ ප්‍රතික්ෂේප කරති..

මුහුදුකූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානය හැර ගිය චීන්නු යළි ඇවිත් පරන්තන් ඉස්කෝල අලුත්වැඩියා කරන්න ඉල්ලලා...

අලුත්වැඩියා කිරීමට ඉල්ලා සිටින පාසල් ගොඩනැගිල්ල...

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කරක චීන සමාගම විසින් පරන්තන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල අලුත්වැඩියා කිරීමට ගෙන ඇති තීරණයට පළාතේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ එම සමාගමට එරෙහිව කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ජනතාව විසින් දියත් කරණු ලබන විරෝධතාවලින් බේරීම සඳහා ඔවුන් පළාතේ ප්‍රජා සංවර්ධන කටයුතුවලට දායක වන බවයි.

අදාල සමාගමේ චීන හා දේශීය නියෝජිතයින් පිරිසක් පුනරීන් ග්‍රාම සංවර්ධන සමීතියේ නිලධාරීන් හමු වී මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඔවුන් ඊට අකැමැත්ත පල කොට තිබේ.

මේ අතර පුනරීන් ධීවර සමීති සමූහයද මෙම චීන සමාගමේ කටයුතුවලට විරෝධය පල කොට තිබේ.

ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ මධ්‍යස්ථානය අතහැර ගොස් සිටි චීන ජාතිකයින් යළිත් එම ස්ථානයට පැමිණ සිටින බවයි.

Exit mobile version