උතුරු මැද රෝහල්වලට කිරි සහ මාලු නවතී!

fish

උතුරු මැද පළාතේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන කිරි වේල නැවත දන්වන තුරු නවත්වන ලෙසත් ඔවුන්ට මුහුදු මාලු ලබා දීම වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාලු ලබා දෙන ලෙසත් උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පළාතේ සියලුම රෝහල්වලට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අසරණ රෝගීන්ට කිරි ටික ලබා දීමට නොහැකි ආණ්ඩුව රාජ්‍ය ඇමතිවරුන් 38ක් පත් කොට තවත් 10ක් පත් කිරීමේ සූදානම පිළිබඳව විමතියද ඔහු පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙම චක්‍රෙල්කය නිකුත් කොට ඇත්තේ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා විසින් බවද සඳහන් කළේය. රෝහල් පද්ධතියට අවශ්‍ය කිරි ටික සහ මාලු ලබා දීමට නොහැකි මට්ටමට ආර්ථික තත්ත්වය පිරිහි පැවතියද රාජ්‍ය අමාතයවරුන් 38 දෙනකු නඩත්තු කිරීමට රජයට මුදල් ඇත්තේ කෙසේද යන්න පිළිබඳවද විමසූ ඔහු මෙම චකුලේඛ සභාගත කිරීමටද කටයුතු කළේය.එමෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කර රෝගීන්ට අවශ්‍ය කිරි සහ මාලු ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ද ඉල්ලීය.

“මේ නීති චක්‍රලේඛ පාර්ලිමේන්තුවට තිබෙනවාද? පාර්ලිමේන්තුවේ මුහුදු මාලු නැතිව වැව් මාලු දෙනවද? අපිටත් මේ ආණ්ඩුව ඇමතිකම් ගන්න අගමැතිකම් ගන්න කතා කළා. අද රටටම රණසිංහ ප්‍රෙමදාසගේ පාසල් දිවා ආහාර වැඩ සටහන වටිනාකම තේරේනවා. එදා කාටවත් ඒ පාසල් දිවා ආහාර වටිනාකමක් තිබුණේ නෑ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහුගිය දවසල්වල ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ පෝෂණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලුවත් ඊට අවසර දන්නේ නැහැ. සංඛ්‍යාලේඛන එළියට එනවට බයයි. මම ඉල්ලා සිටිනවා , පාසල් පද්ධතිය දූ දරුවන්ගේ මන්ද පෝෂණය ගැන සමීක්ෂණයක් කරන්න.. පාසල් මට්ටමේ ද දරුවන් මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න. “විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version