උතුරු-නැඟෙනහිර පාසල්වලට ගුවන් හමුදාව යෙදවීම ගැන TNA විරෝධය

දිනසේන රතුගමගේ

ගුවන් හමුදාවේ නිලධාරීන් උතුරු නැගෙනහිර පාසල්වලට යෙදවීම කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වි.කේ.ශිවඥාණම් මහතා 6 දා යාපනයේදී පැවසීය.

යාපනයේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කළේ ගුවන් හමුදාවේ නිලධාරීන් ප්‍රථමයෙන්ම වැලි ඔය හා වවුනියාව පළාත් වල පාසල් වල ඉගැන්වීමේ කටයුතු වලට යෙදවීමට තීරණය කොට ඇති බවයි.


දැනටමත් උතුරු නැගෙනහිර පළාත් වල බොහෝ පෙර පාසල් හා පාසල් වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 400 කට අධික පිරිසක්ද යුද හමුදාවේ කැඩේට් නිලධාරීන් 250 කට අධික පිරිසක්ද සේවය කරණ බව පැවසූ ශිවඥාණම් මහතා ගුවන් හමුදාවේ නිලධාරීන් උතුරු නැගෙනහිර පාසල් වලට යෙදවීම තුළින් රජයන් අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර පළාත් මිලිටරීකරණයට හසු කර ගැනීම බවද කියා සිටියේය.

උතුරු නැගෙනහිර පළාත් වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් වල ඉගැන්වීමේ කටයුතු කිරීමට අති දක්ෂ ගුරුවරු පිරිසක් සිටින බව වාර්ෂිකව ලැබෙන විභාග ප්‍රතිපල වලට අනුව පෙනී යන කාරණයක් බව පැවසූ හිටපු සභාපතිවරයා රජය විසින් සිදු කළ යුත්තේ මේ පළාත් වල පාසල් වල අත්‍යවශ්‍ය ගුරුවරු නොමැතිනම් ඒ වෙණුවට අලුතින් ගුරුවරු යෙදවීම බවද සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු නැගෙනහිර පළාත් වල පමණක් රැකියා විරහිත උපාධීධාරීන් 10000 ක් පමණ සිටින බැවින් රජයේ පාසල් වලට ඔවුන්ගෙන් ඒ ඒ විෂයයන් ඉගැන්වීමට ගුරුවරු පත් කිරීම ගුරු හිගය මැඩලීමට ගත හැකි හොදම පියවර බවද සිවඥාණම් මහතා පැවසීය.

Exit mobile version