උතුරට ධාරාණිපාත වැසි…. වැව් පිටාර ගලයි… ගම් බිම් යටවෙයි….

දිනසේන රතුගමගේ –

දින දෙකක් තිස්සේ එක දිගටම වවුනියාව ඇතුළු උතුරේ පළාත් කීපයකට  ධාරානිපාත වැසි ඇද හැලීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

එම පළාත් වල සියළුම වැව් පිටාර ගැලිමට පටන් ගෙන ඇති අතර එම ජලය බොහෝ වැසියන්ගේ නිවාස මැදින් ගලායාම නිසා එම නිවෙස් වල ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

බොහෝ මාර්ග ජලයෑන් යටවීම නිසා ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර මන්නාරම එළුවන්කුලම පැරණි මාර්ගය දැනට දින දෙකක් තිස්සේම වසා දමා තිබේ.


අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ දූපත් ප්‍රදේශ  වලට ගමන් ගන්නා මාර්ග ජලයෙන් යට වී ඇති අතර යාපනය -කරෙයිනගර් මාර්ගය, යාපනය-තොණ්ඩමානාරු මාර්ගය,යාපනය-වේලනෙයි මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ මාර්ග බවට පත්ව තිබේ.

මේ අතර යාපනය -මහනුවර ඒ-9 මාර්ගය වවුනියාවේ කළුකුන්නම්මඩුව ඇතුළු ප්‍රදේශ කීපයකින් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු වලට බාධාවන් එල්ල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂාව නිසා උතුරේ  වැඩිම හානියක් සිදුව ඇත්තේ යාපනය හා කිළිනොච්චිය ප්‍රදේශ වලටය.

Exit mobile version