උත්සව සමයෙ දි රටින් කොහෙන් හරි ගෙනත් රුපියල් 97ට හාල් දෙනවා…

කූට වෙළෙන්දො කීප දෙනෙක් මාස 06ක හාල් තොග රට ඇතුළෙ හංගලා... ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා..

දිනසේන රතුගමගේ

උත්සව සමයේදී විදේශ රටවලින් ආනයනය කොට හෝ ජනතාවට හාල් කිලෝවක්   රුපියල් 97 බැගින් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ඊයේ (18) වවුනියාවේදී   පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනමාධ්‍යයට අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ රටේ මහා පරිමාණයේ වී මෝල් හිමියන් කීප දෙනෙකු විසින් හාල් තොග සගවා ගෙන සිටීමේ කුමන්ත්‍රණයක්  නිසා මේ දිනවල හාල් මිල ඉහල යමින් පවතින බවයි.

මේ වන විට හාල් මෙට්‍රික් ටොන් මිලියන  2 ක් රට තුළ ඇති බව කී අමාත්‍යවරයා එම හාල් ප්‍රමාණය මාස හයක කාලයකට ප්‍රමාණවත් බවද සඳහන් කළේය.


උත්සව සමය වන විට හාල් මිල අඩු නොවුවහොත්  විදේශ රටවලින් හාල් ආනයනය කොට හෝ ජනතාවට හාල් කිලෝවක් රුපියල් 97 කට ලබා දෙන  බව කී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වී සහ හාල් තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරණ බවද පැවසීය.

රජය ඉහළ මිලකට ගොවීන්ගෙන් වී මිලට ගැනීමත් සමගම ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගෙන ඇති  මහා පරිමාණයේ මෝල් හිමියන් කීප දෙනෙකු එම  වී තොගද ඒවායින් නිපදවන හාල් තොගද සඟවා ගෙන  සිටින බව පෙන්වා දුන්නේය.

වී මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක ප්‍රමාණයක් මෙවර නිෂ්පාදනය වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය ඉහල මිලකට ගොවීන්ගෙන් වී මිලට ගැනීම නිසා ඇති වූ තරගකාරිත්වය නිසා ඉතිහාසයේ කිසිම කාලයක නොතිබූ ආකාරයට ගොවීන්ට වී සදහා ඉතා ඉහල මිලක් ලබා ගැනීමට මෙවර  හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Exit mobile version