උණවටුනේ දුම්රිය හරස් මගක දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටේ…. රුසියානු කාන්තාවක් සහ රියදුරු එතැනම මරුට….

ලලිත් චාමින්ද –

බෙලිඅත්ත සිට වවුනියාව ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ උණවටුන මහාරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

අද (01) පෙරවරුවේ මෙම අනතුර වී ඇත. ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමත් සමඟ එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බැව් පොලිසිය පවසයි.

ගිනිගෙන විනාශ වූ ත්‍රී රෝද රථය…

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඩයරියා නැමැති රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියැදුරු වන ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශීය ජාතික කාන්තාව තම දරුවා පෙර පාසලට ඇරලවා ආපසු උණවටුන ප්‍රදේශයට තිුරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.  මෙකී දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී ඇති අතර ඒ බව දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුවත් කොට තිබුණි .


ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහාතීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව්පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්නගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

Exit mobile version