ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර

attack gaza

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක කීපයකට ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ.

ගාසා තීරයේ සිටි පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් ගුවනට මුදාහැරීමෙන් ඊශ්‍රායල හා පලස්තීන දේශ සීමා ආසන්නයේ ගිනි ගැනීම හටගැනීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

මෙම බැලුන් හේතුනේ ඊශ්‍රායල සහ පලස්තීන ආසන්න ප්‍රදේශය වල සුලු ගිණි ගැනීම් 20ක් පමණ හට ගත් බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.


ඒ අනුව ගාසා නගරයට සහ කාන් යුනිස් නගරයට මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි. මෙම ප්‍රහාර වලින් මෙතෙක් ජීවිත හානි වාර්තා නොවන බවද විදේ මාධ්‍ය වාර්තා කරයි.

ජෙරුසලම් පෝස් වාර්තා කරන අන්දමට පලස්තීන මාධ්‍ය සටන්කාමීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් සකස් කර ආකාරය දැක්වෙන ඡායාරූපද පළකර තිබේ.

ප්‍රහාර සම්බන්ධයෙන් හමාස් සංවිධානයේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ තම අයිතීන් ආරක්ෂා කරගැනීමට නොබියව ඉදිරියටත් කටයුතු කරන බවයි.

මේ අතර ප්‍රහාර එල්ලවීමට පෙර දක්ෂිණාන්ෂික ඊශ්‍රායල වැසියන් එරට ධජය රැගෙන නැගෙනහිර ජෙරුසෙනම වෙත පාගමනින් ගොස් විරෝධාවක් පැවැත්විණි.

එහිදී ඔවුන් දැඩි පලස්තීන විරෝධී සටන් පාට සහිතව මෙම විරෝධතා පාගමනේ නිරතවී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම රැලිවලට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සටන්කාමීන් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් ගුවනට මුදා හැරීමට සිදුකළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැයි මාසයේ දින 11ක් පැවති ගැටුම් වලින් පසුව ගාසා තීරයට එල්ලවූ ප්‍රථම ගුවන් ප්‍රහාරය මෙයයි. ඊශ්‍රායලේ නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ගේ නායකත්වය පරීක්ෂා කර බැලීමට මෙම උණුසුම් තත්වය ඉතා වැදගත්වනු ඇති බවද විදෙස් විශ්ලේෂකියන් සඳහන් කරයි.

Exit mobile version