ඊයේ දිනය වනවිට වාර්තා වූ කොවිඩ් මරණ 5222න් 5022ක් කිසිම එන්නතක් ලබාගෙන නෑ…

coronavirus-vaccines

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරේදා වනවිට තහවුර වී ඊයේ (09) වාර්තා කළ කොවිඩ් ආසාදිතව මිය ගිය මරණ 5222න් 5022ක් කිසිම එන්නතක් ලබා නොගත් අය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

අනෙක් 200 අතුරින් 177ක් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බව ඔහු පවසයි.
අනෙක් 23 දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති නමුත් වෙනත් රෝගාබාධ රැසකින් පෙලුනවුන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

අද මරණ 118ක් වාර්තා වූ අතර ඉන් 101 දෙනෙක් වයස අවරුදු 60 වැඩි අය වූහ.

Exit mobile version