ඊයේ දිනයටත් වැඩිම කොරෝනා රෝගීන් කොළඹ නාගරික බලප්‍රදේශයෙන්

අද (11) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ද වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාව තුළිනි.

ඒ අනුව එම කාලය තුළ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ පිළිවෙලින් කොල්ලුපිටිය 55ක්, ග්‍රෑන්ඩ්පාස් 32ක්, පිටකොටුව 28ක්, කෙසෙල්වත්ත 25ක් හා මරදාන සහ මාළිගාවත්ත 20 බැගිනි. සෙසු ප්‍රදේශ වන දෙමටගොඩ, කොටහේන, මට්ටක්කුලිය, කොළොන්නාව, ගල්කිස්ස, බොරැල්ල, බ්ලූමැන්ඩල්, මෝදර, කිරුලපන, මිරිහාන, වැල්ලම්පිටිය, දෙහිවල ආදි ප්‍රදේශවලින් හමුවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව එම කාලය තුළ රට පුරා හමුවූ ආසාදිතයින් ගණන 430ක් වන අතර ඉන් රෝගීන් ගණන 251ක්ම වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.


Exit mobile version