ඊයේ ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගත් අරගලකරු ධානිස් අලි රිමාන්ඩ්…

ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලංකන් ගුවන් යානයක සිටිය දී ඊයේ (26) රාත්‍රියේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අරගලකරුවෙක් වූ ධානිස් අලි කොටුව මහේස්ත්‍රාත්අධිකරණය විසින් අගෝස්තු මස 05 දා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කළ සැකකරු   අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

ධානිෂ් අලී කුරුණෑගල වෑබඩ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. මොහු පසුගිය ජූලි 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිරිසක් සමග ඇතුළුවී තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය කියයි.

එමෙන්ම පසුගිය ජූනි 09 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහු ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය  පවසයි.


කෙසේ වෙතත් ගුවන්යානය තුළදී ධානිස් අලි අත්අඩංගුවට ගත් ආකාරෙයෙ සම්බන්ධව ගුවන් මගින් අතිශය බරපතල ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව වෙත සිය විරෝධය පල කර තිබිනි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසා බැලීමකදී නීතිවේදීන් අවධාරණය කර තිබුණේ , ගුවන් යානයක් තුළදී මෙලෙස සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවකට අමතරව අධිකරණය පනවන ලද ගමන් තහනමක් ද තිබිය යුතු බවයි.

නීතිඥ හරින්ද්‍රිනි කොරයාගෙන් බීබීසි ය කළ විමසීමකදී ඇය ප්‍රශ්න කළේ, වරෙන්තුකරුවෙකු නම් සැකකරු ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුවේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි ද යන්න පිළිබඳවයි.

 

“අත්අඩංගුවට ගන්නවා නම්, පුද්ගලයෙක් පැහැර ගන්නවා වගේ බලය යොදලා, ප්‍රචණ්ඩත්වය යොදලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න බැහැ. අත්අඩංගුවට ගන්න හේතුව කියන්න ඕනේ පැහැදිලිව. වරෙන්තුව පෙන්වන්න ඕනේ.” ඇය  පවසා තිබිණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“වරෙන්තුවක් තියෙන්න පුළුවන්. නමුත් ගමන් තහනමක් තියෙන්න ඕනේ මේවගේ කටයුතු කරන්න.” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලහිරු අබේරත්න බීබීසි යට කියා ඇත.

Exit mobile version