ඊයේ කොවිඩ් මරණ 22 යි.. ආසාදිතයන් 1890යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) කොවිඩ් මරණ 22ක් වාර්තා කළේය. එම වාර්තා කර තිබුණේ මැයි 02 සිට මැයි 08 දක්වා තහවුරු කරගත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ බව පැවසිනි.

රාගම 72 හැවිරිදි පුරුෂයෙක්, කඩවත 66 හැවිරිදි පුරුෂයෙක්, මුල්ලේරියාව 60 හැවිරිදි කාන්තාවක්, තලවතුගොඩ 80 හැවිරිදි පුද්ගලයෙක්, මොරටුව 67 හැවිරිදි පුරුෂයෙක්, ලුණුකැටියමඩිත්ත 68 හැවිරිදි පුරුෂයෙක්, පදියපැලැල්ල 76 හැවිරිදි කාන්තාවක්,  කොළඹ අට 72 හැවිරිදි පුරුෂයෙක්, බුලත්කොහුපිටිය 61 හැවිරිදි කාන්තාවක්, හුන්නස්ගිරිය 84 හැවිරිදි කාන්තාවක්, කටුගස්තොට 57 හැවිරිදි පුරුෂයෙක්, හල්ග්‍රන්ඔය 80 හැවිරිදි පුරුෂයෙක්, හොරම්පැල්ල 73 හැවිරිදි පුරුෂයෙක්, ගණේමුල්ල 83 හැවිරිදි කාන්තාවක්, ගුරුදෙණිය 68 හැවිරිදි පුරුෂයෙක්, කඩවත 73 හැවිරිදි පුරුෂයෙක්, බිබිල 58 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත 66 හැවිරිදි පුරුෂයෙක්, වලහන්දූව 74 හැවිරිදි පුරුෂයෙක්, පොද්දල 78 හැවිරිදි පුරුෂයෙක්, ගලගෙදර 68 හැවිරිදි පුරුෂයෙක්, ගනනෝරුව 65 හැවිරිදි පුරුෂයෙක් මෙසේ මියගොස් තිබුණහ.

මේ වනවිට නිල වශයෙන් ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 786කි.


ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 1890ක් රජය විසින් වාර්තා කර තිබිණි. මේ වනවිට රට තුළින් හමුවූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 117214කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version