තිහාරියත් තවත් අටලුගමක් වෙයි… ඊයෙත් පී.සී.ආර්වලට විරෝධතා…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

ඊයේ ( 11) සවස් වනවිට අත්තනගල්ලෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 25 දෙනාගෙන් 20 දෙනෙක්ම තිහාරියෙන් වාර්තා වූ අත්තනගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් කුමාර ලංකාසරට පැවසීය.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා යළි යළිත් මතුවන විරෝධතා නිසා එම ප්‍රදේශය  තුළ පැතිරෙමින් ඇති කොවිඩ ආසාදන තත්වය පාලනය කිරීම බෙහෙවින්ම දුෂ්කර කටයුත්තක් වෙමින් ඇකැයි   ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය්‍ය අංශ වාර්තා කරයි.

මෙම පුද්ගලයන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමේ දී ඉතාම ප්‍රචණ්ඩව හැසිරෙන බවත්, පල්ලියවල පූජක පාර්ශවය ලබා දෙන උපදෙස් පවා නොතකන බවත් පවසන සෞඛ්‍ය නිලධාරීන් පොලිසිය, ග්‍රාම නිලධාරී ඇතුළු කණ්ඩායමක් රැගෙන ගියත් ඔවුන්  පාලනය කළ නොහැකි අවස්ථා ගණනාවකට මුහුණ දුන් බව කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරුෂ වචනයෙන් බැණ වැදීම,  පහර දීමට පැමිණීම,  තර්ජනය කිරීම් ඇතුළු විරෝධතා ප්‍රමාණක් මැද පොලිසියේ ද සහය ඇතිව පී.සී.ආර් පරීක්ෂණ 125ක් ඊයේ දිනයේ දී කරන්නට හැකි වූ බව පවසන ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එම ප්‍රතිඵල මත මෙම ප්‍රදේශය සම්බන්ධව විශේෂ තීරණයක් ගැනීමට අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳව නිගමනයට පැමිණිය හැකි බව පෙන්වා දුන්නේය.

 

Exit mobile version