ඊඒපී පවුලේ සහෝදයන්  අත්අඩංගුවට ගැනීමේ පැය භාගයේ  මෙහෙයුම

ඊඒපී සමූහයේ අධ්‍යක්ෂවරුන් වන දීපා, ජීවක, නාලක සහ අසංක අද යළිත් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විනාඩි 30ක් වැනි කෙටි කලක් තුළ සිදු කළ බව වාර්තා වේ.

මෙම මෙහෙයුම් ක්ෂණිකව සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ ඔවුන් හදිසියේ අත්අඩංගුවට ගැනීමට වැළකීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා බව සඳහන් වේ.

නීතිපතිවරයාගෙන් මේ සඳහා පොලිසියට උපදෙස් ලැබී තිබුණද මේ පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා නොදෙන ලෙස පොලිසිය නීතිපතිවරයාගෙන්ද ඉල්ලා ඇති අතර මෙම අත්අඩංගුව ගැනීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පොලිසිය ක්‍රියා කළේ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සිටින ස්ථාන පිළිබඳ ව තොරතුරු තහවුරු කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් නිශ්චිතව ම මෙම ස්ථාන වෙත ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව දීපා එදිරිසිංහ   ඇයගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සිට ඇති අතර ජීවක එදිරිසිංහ   පෞද්ගලික  ව්‍යපාරයක කාර්යාලකදී අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සහෝදරයන් ගෙන් අසංක  ඩාලි පාරේ පිහිටි හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලේදී ද නාලක එදිරිසිංහ   බොරැල්ල සම්පත් බැංකු ශාඛාවේදි ද මේ අයුරින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version