ඉම්රාන් ඛාන් ස්ත්‍රී දූෂකයන්ගේ අංග කැපීමට යයි

ස්ත්‍රී දූෂකයන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම හෝ රසායනික අංගඡේදනය කළ යුතු බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය සතියේ පන්ජාබ් පළාතේ අධිවේගී මාර්ගයකදී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් දෙවන සැකකරුත් අත්අඩංගුවට ගත් බවට බලධාරීන් වාර්තා කිරීමත් සමග පාකිස්තාන අගමැතිවරයා මේ බව පවසා ඇත.

නැඟෙනහිර නගරයක් වන ලාහෝර් වෙත ආසන්නව තිබියදී මෝටර් රථයේ ඉන්ධන අවසන් වූ පසුව අධිවේගී මාර්ගයේ මඟ නැවතීමෙන් පසු එම කාන්තාව දූෂණය කර තිබුණේ ඇගේ කුඩා දරුවන් බලාසිටියදීය.


මෙම සිද්ධියෙන් ඉස්ලාමාබාද් සහ කරච්චි ඇතුළු නගර කිහිපයක විරෝධතාකරුවන් වීදි බැස කාන්තාවන් දූෂණය කිරීම පහරදීම් හෙළා දුටුවේය.

“ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මගේ මතය අනුව, ඔවුන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතුයි,” ඛාන් පැවසීය.

“මිනීමැරුම් පළමු, දෙවන සහ තෙවන ආදි ලෙසින් දඬුවම් ශ්‍රේණිගත කර ඇති සේම ස්ත්‍රී දූෂණය ද මේ ආකාරයෙන් ශ්‍රේණිගත කළ යුතු අතර පළමු ශ්‍රේණියේ ස්ත්‍රී දූෂකයන්ගේ වෘෂණ කෝෂ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කළ යුතුය.” යැයි අගමැතිවරයා පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පොලිසිය පුද්ගලයින් 15 දෙනෙකු ප්‍රශ්න කිරීමට ගෙන තිබුණි. ඉරිදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නමුත් අපරාධයට සම්බන්ධ නැත. ඔහු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන නමුත් ඔහුගේ සිම් කාඩ් පත ඔහුගේ මිතුරෙකු විසින් භාවිතා කර ඇති නිසා ඔහු පිළිබඳ සැකය වෙනත් අතකට යොමුවුවද පසුව ඔහු සැකකරුවෙකු බවට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය පැවසුවේ අපරාධය සිදුකළ බවට සැකකෙරෙන දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

Exit mobile version