ඉම්රාන් ඛාන් විපක්ෂ නායකත් හමුවෙයි

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  අතර විශේෂ  සාකච්ඡාවක් අද (24) පස්වරු 2.30 ට කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි.

ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන්ම අතීතයේ සිටම දෙරට අතර වූ සුහදශීලී බැදීම පිළිබඳව ද අවධානය යොමු විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්ටියාස් බකීර් මාකාර්  සහ කබීර් හෂීම් ද සහභාගී වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version