ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!

පාකිස්තානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් 9 වැනිදා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින තීරණය කරනු ලැබීය.

ඉකුත් 9 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය පැමිණි අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණ භූමිය තුළදීම අත් අඩංගුවට ගනු ලැබීය. එම අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ ආරක්ෂක නිලධාරීන් පැමිණි සිටි අතර ඔවුහූ හිටපු අග්‍රමාත්‍ය ඛාන් විශේෂ ආරක්ෂිත රථයකින් අධිකරණ භූමියෙන් රැගෙන ගියහ.

පසු දින ඉම්රාන් ඛාන් අධිකරණය ඉදිරිපත් කළ විට ඔහු දින අටක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා පහළ අධිකරණයක් විසින් අවසර ලබා දෙනු ලැබීය.

කෙසේ වෙතත් මෙම තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු අග්‍රමාත්‍යවරයාගේ නීතිඥයින් අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරනයේ කරණු වාර්තා කළේය. එහිදී ඛාන්ගේ අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට පවමින් නීතිඥයින් කරුණු දැක්වීය.


එහිදී එම කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ හිටපු අග්‍රාමත්‍යවරයාව නිදහස් කරන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු අග්‍රාමාත්‍ය ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය පුරා දැඩි විරෝධතා මාලාවක්ද පැතිර ගියේය. එහිදී පුද්ගලියන් දස දෙනෙකු පමණ මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවලා ලැබූ අතර දෙදහසකට අධික පිරිසක් අත් අඩංගුවටද පත්විය

Exit mobile version