ඉන්ධන හිඟයත් සමග  අපේක්ෂා රොහලේ ප්‍රතිකාර පටිපාටිය වෙනස් වේ… විශේෂ සාකච්ඡාව අද…

අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර කටයුතු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදුකළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව විශේෂඥ වෛද්‍යවරු අද (27) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව  පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ කණිෂ්ක  ද සිල්වා   සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දවසේ වැඩි කාලයක් ඉන්ධන පෝලිම්වලට වී සිටීමට  හේතුවෙන් ප්‍රතිකාර කටයුතු කර ගෙන යාමට නොහැකි වී ඇති බැවින් මෙම සාකච්ඡාව පවත්වන බව හෙතෙම   පැවසීය.

රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්  දවසේ වැඩිවේලාවක් ඉන්ධන පෝලිම්වල රැදීසිටීම හේතුවෙන්  රෝහලේ ශල්‍යාගාර 5 තුළ සිදුකරන සැත්කම්  අවම කිරීමට සිදුව ඇතැයි විශේෂඥවරයා පැවසීය.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක්    සකස්  නොකළහොත් රෝහල් කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බව හෙතෙම පැවසීය.                                                                                                                                                                                                   


Exit mobile version