ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

කැබිනට් අනුමැතිය සහිතව ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ බව බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  ඔහු ප්‍රකාශ කරන්නේ  ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා   සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවය.

අද සිදුකළ ඉන්ධන මිල සංශෝධනය සිදුවූයේ  ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල ඇතුළත් කර බවත්,  මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version