ඉන්ධන මිල වැඩි කළේ අගමැතිත් දැනුවත්ව… ගම්මන්පිලගෙන් හෙට උත්තරයක් !

ඉන්ධන මිල ඉහළ යාමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වගකිව යුතු බවට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් චෝදනා නැගීම පසුපස ඔහුව පොහොට්ටුවෙන් පන්නා දැමීමේ දේශපාලන අරමුණක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උදය ගම්මන්පිලි මේ වනවිට පොහොට්ටුවේ ප්‍රධානීන් සමඟ විවිධ මත ගැටුම් ඇති කරගෙන ඔවුන්ගේ උදහසට ලක් වී සිටී.

උදහසට වී සිටින පොහොට්ටු නායකයන් ගම්මන්පිලට චෝදනා කරන්නේ ඉන්ධන මිල වැඩි නොකර සිටිය නොහැකි තත්වයට පත්වන තෙක් ඔහු නිසි පියවර ගෙන තිබුණේ නැති බව කියමිනි.


කෙසේ වුවද ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ජීවන වියදම් කමිටුව විසින්ද අනුමත කර ඇති අතර එය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාද අත්සන් තබා ඇති බව සඳහන් වේ.

උද්ගත වී ඇති තත්වය පිළිබඳව විමසීමට අමාත්‍ය ගම්මන්පිල සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට දිනයේ මාධ්‍ය හමුවේ මෙම චෝදනාවට පිළිතුරු දීමට ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ

Exit mobile version