ඉන්ධන නෑ… උතුරේ ධීවරයින් වෙරළේ සිට හූල්ලද්දී    ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදත් කොල්ලකති….  

දිනකට ට්‍රෝලර් 600ක් මුලතිව් මුහුදට ඇතුළු වෙනවා.. මෙතෙක් ආවෙ යාපනේ සීමාවට විතරයි... දැන් මුලතිව් මුහුදටත් ඇවිත්...

දිනසේන රතුගමගේ –

මෙතෙක් කාලයක් යාපනය මුහුදු සීමාවට පමණක්  ඇතුලු වූ ඉන්දීය ධීවරයෝ මුලතිව් මුහුදු සීමාවටද පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතු සිදු කර ගෙන යන්නට පටන් ගෙන ඇතැයි මුලතිව් ධීවර සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ උප සභාපති එස්.චන්ද්‍රසේකරන් ප්‍රකාශ කලේ මේ දිනවල දිනකට ඉන්දිය ටෝලර් යාත්‍රා 600 ක් පමණ මුලතිව් මුහුදු  තීරයට පැමිණ මසුන් මරන බවයි.

ඉන්ධන හිගය නිසා මුලතිව් ධීවරයෝ මේ දිනවල මුහුදු යාමෙන් වැළකී සිටින නිසා ඉන්දීය ධීවරයින්ට කිසිදු බාධාවකින් තොරව මුලතිව්   මූදු කලාපයට පැමිණීමට අවස්ථාව උදා වී ඇති බවද සභාපති වරයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය මත මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර පවුල් 9000 කට වඩා වැඩි සංඛ්‍යාවක  පිරිස දැඩි පීඩාවකට පත්ව සිටින බව ප්‍රකාශ කළ ධීවර සමීති නායකයා මේ සම්බන්ධයෙන් මුලතිව් නාවික හමුදා කදවුරට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබේ.

Exit mobile version