ඉන්ධන නැති නිසා මුහුදේ සැඟවෙන ඩොලර් කන්ද…  අපතේ යන මන්නාරමේ කොපු දැල්ලෝ අස්වැන්න….

දිනසේන රතුගමගේ –

මැද පෙරදිග ඇතුලු රටවල් ගණනාවකට අපනයනය කරණු ලබන  කොපු දැල්ලන් හෙවත් බට දැල්ලන් මේ දිනවල විශාල වශයෙන් මන්නාරම හා ඒ අවට මුහුදු තීරයෙන් හසුවන නමුත් ඉන්ධන ප්‍රශ්නය මත විශාල අස්වැන්නක් නෙලා ගැනීමට ධීවරයින්ට නොහැකි වී තිබේ.

ඉන්ධන ප්‍රශ්නය මත ධීවරයින්ට දැල්ලන් ඇල්ලීම සදහා මුහුදු යාමට නොහැකි පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එසේම පිටස්තර පළාත් වලින් මීට පෙර මෙම කොපු දැල්ලන් මිලට ගැනීමට මන්නාරමට පැමිණි වාහන මේ දිනවල නොපැමිණෙන බවත් මන්නාරම ධීවර සංගමයේ සභාපති එස්.අලාම්   පැවසීය.

මන්නාරමේ ධීවරයින් මීට පෙර මෙම කොපු දැල්ලන්  කිලෝවක් රුපියල් 3000 ත් 4000 ත් අතර මිලකට අලෙවි කිරීම සදහ සමාගම් කීපයක් සමග ගිවිසුම් ගතව සිටියද මේ දිනවල එම  සමාගම් වල වාහන නොපැමිණීම නිසා කිලෝවක් රුපියල් 1200 ක් බැගින් වූ තොග මිලකට  කොපු දැල්ලන්  දේශීය වෙළද පලට දැමීමට මන්නාරමේ ධීවරයින්ට සිදු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන ප්‍රශ්නයට පෙර කොපු දැල්ලන්  වාරයට බෝට්ටු 400 ක්පමණ ගොස් කොපු දැල්ලන්  ඇල්ලීමේ නිරත වූවත් මේ දිනවල බෝට්ටු 15 ක් හෝ 20 ක් පමණක් දැල්ලන්  ඇල්ලීමේ නිරත බවද මන්නාරමේ ධීවරයෝ කියා සිටිති.


Exit mobile version