ඉන්දු-ලංකා සීමාවේ මුහුදු කොල්ලකාරයෝ!

දිනසේන රතුගමගේ

ඉන්දීය ධීවරයින්ට ඉන්දියාව සහ ලංකාව අතර මුහුදු සීමාවේදී ඉන්දියාවට නුදුරින් මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර වලට මුහුණ දීමට සිදු වන බවට තමිල්නාඩු ධීවරයෝ පිරිසක් 26 දා ඉන්දීය බලධාරීන්ට පැමිණිලි කොට තිබේ.

මෙවැනි මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ තමිල්නාඩුවේ නාගපට්ටන පුෂ්පවනම් ප්‍රදේශයේ ධීවරයින් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට සිටින බවටද එම පැමිණිල්ලේ තොරතුරු සදහන් වෙයි.


පොලු මුගුරු හා විවිධ උපකරණ වලින් ඉන්දීය ධීවරයින්ට පහර දෙන මෙම මුහුදු කොල්ලකරුවන් ධීවරයින්ව බිය ගන්වා ඔවුන් සතු මත්ස්‍ය තොග බලහත්කාරයෙන් පැහැර ගන්නා බවද ප්‍රකාශා කොට තිබේ.

ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා වල ඇති දැල් ආම්පන්න හා වෙනත් භාණ්ඩද මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා බව ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව උතුරු නාවික හමුදා විධාන කාර්යාලයෙන් තොරතුරු විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර මුහුදු තීරයේ මුහුදු කොල්ලකරුවන් ගැවසෙන බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

Exit mobile version