මහින්දයි මෝඩියි වීඩියෝ වැඩකට ලෑස්ති වෙයි

මාතෘකාව අභියොග් ජය ගැනීම තියෙන්නේ අනිද්දා

ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව අභියෝග ජයගැනීම සඳහා වන විශේෂ සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන 26 වෙනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

දෙරටේ විෂයභාර අමාත්‍යවරු හා ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම සමුළුවට එක්වන අතර දෙරටේ සමාජ, ආර්ථික, දේශපාලන, මූල්‍ය , සංවර්ධන, ආරක්ෂාව, අධ්‍යාපනය, සංචාරක, සංස්කෘතික කටයුතු හා කලාපීය ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික ව මැදිහත් වීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම මෙහිදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිතය.

පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන මාර්ග ඔස්සේ සුබපතමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීමට එහිදී එකඟත්වයක් ඇතිකර ගන්නා ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දෙරටේ අගමැති දෙපළ අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව පැවැත්වීමට සංවිධාන කළ බව අරලියගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version