ඉන්දීය සේවා අංශයේ පිපිදීමක්

කොරෝනා වසංගතයෙන් පසුව ඉන්දීය ආර්ථිකයේ සේවා ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු බලන බවට එරට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම මාසික ආර්ථික විශේලේෂණ වාර්තාව මගින් අනාවරණය වේ.

ඒ අනුව මේවන විට ඉන්දීය ආර්ථකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන සේවා ක්ෂේත්‍රය යලිත් සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවද එහිදී ඉන්දීය ආර්ථිකටය විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් අත්කරගෙන ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙහිදී සමස්ථයක් ලෙස සලකා බලන විට සේවා ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වීමට කොරෝනා වසංගතයෙන් පසුවූ ඇති වූ ඉල්ලුමේ ඉහළයාමද හේතුවී ඇති බවද ඉන්දීය මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.


2022-2023 මූල්‍ය වර්ෂයේ මුල් කාරතුව තුලදී අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා වලට සීඝ්‍ර වර්ධනයක් වාර්තා වන බවත් ඒහිදී දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය අංක දෙකක වර්ධනයක් දක්වා ඉහළ ගොස් ඇති බවද මුදල් අමාත්‍යංශ දත්ත අනාවරණය කරයි.

ඉතා ධනාත්මත තත්ත්වයක් ඉන්දිීය ආර්ථිකයේ පෙන්නුම් කළද මේවන විට එරට ගෙවුම් ශේෂ පිළිබඳ සලකා බැලීමේදී ජංගම ගිණුමේ විශාල පරතරයක් නිර්මාණය වී ඇති බවද නවතම ආර්ථික දත්ත් අනාවරණය කරයි.

ජංගම ගිණුමේ පරතරයක් නිර්මාණය වීමෙන් පෙන්නුම් කරනුයේ මේවන විට ඉන්දියාවේ අපනයන අභිබවා ආනයන ඉහළගෙස් ඇති බවයි. මෙය යම් ආකාරයකින් ඉන්දීය ආර්ථිකයේ උද්ධමන තත්ත්වයක් නිර්මාණය කිරීමටද හේතුවී තිබේ.

මේ අතර නවතම දත්ත් වාර්ථ පෙන්නුම් කරනු ලබන ආකාරයට ඉන්දියා මෙම කාලයේදී රන් ආනයනය කිරීමේ සීඝ්‍ර ඉහළයෑමක් සිදුව ඇති බවයි. මීට හේතුව ලෙස ඉන්දීය මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනු ලබන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ විවාහ මංගලොත්සව විශාල සංඛ්‍යවක් මේවන විට පැවැත්වීම බවයි.

ඒමෙන්ම ඉන්දීය ජංගම ගිණුමේ පරතයර මෙම වසරේ අප්‍රේල සහ ජුනි අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 45.18 දක්වා වර්ධන වී ඇති අතර එය ඉකුත් වසරේ එම කාලය සමඟ සසදන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.16ක වර්ධනයක් බවද ඉන්දීය මුදල් අමාත්‍යංශ දතත් පෙන්වා දෙයි.

මෙම තත්ත්ව පාලනය කිරීමට ඉන්දීය රජය විසින් වහාම පියවර ගෙන ඇති අතර එහිදී රන් ආනයන කිරීමේද පනවන බදු සියයට 10.75 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට පියවර ගෙ තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඉදිරියේදී සමස්ථයක් ලෙස ඉන්දීය ආර්ථිකයේ යහපත් වර්ධනයක් අපෙක්ෂා කළ හැකි බවද ඉන්දීය දත්ත් වර්තා පෙන්වා දෙයි.

Exit mobile version